ලංගම රියැදුරා 45කගේ පණ බේරයි
කොළඹ බදුල්ල ලංගම බසයක් හපුතලේ උඩුවිහාරගලදී පාරෙන් ඉවතට පැන අඩි දහසක පමණ පල්ලමට නොවැටී අනූනවයෙන් බේරාගැනීමට එහි රියදුරා සමත් විය.
මගීහු 45 දෙනෙක් බසයේ සිටියහ. රියදුරා පවසනුයේ අධික මීදුම නිසා පාර නොපෙනෙනු බවයි.

