ලංකාවේ වත්මන් අර්බුදයට රුසියාව වගකිව යුතුයි


(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් අර්බුදයට රුසියාව වගකිව යුතු බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි මහතා සියොල් නුවර පැවති ආසියානු නායකත්ව සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.

එහිදී ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ ස්ථාන වල ආහාර,ඉන්ධන හිඟතාවය සහ මිල ඉහළ යාම හේතුවෙන් නොසන්සුන්තා ඇති වී තිබෙන බවත් රුසියාව යුක්රේන සැපයුම් දාමය අවහිර කිරීම එසේ මිල ඉහළ යාමට සහ හිඟතාවයට  එක් හේතුවක් වී ඇති බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි මහතා පැවසුවේය. ඉන්ධන සහ ආහාර මිල අහස උසට ඉහළ යාම නිසා ඇති වී තිබෙන නොසන්සුන්තා කෙසේ අවසන් වේදැයි කවුරුත් නොදන්නා බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

එසේ සැපයුම් දාමය අවහිර කිරීම තුලින් රුසියාවේ න්‍යාය පත්‍රයට ප්‍රතිලාභ අත් වී ඇතැයි ජනාධිපති සෙලෙන්ස්කි මහතා සඳහන් කළේය.