ලංකාවේ බර ඉසිලීමේ පිලට බැංකොක් ගුවන්තොටුපළේදී ‘‘සපත්තු වාසනාවක්’’


ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගාවලියට සහභාගිවීම සඳහා මියන්මාරය බලා යමින් සිටි ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සිවුදෙනා බැංකොක් ගුවන් තොටුපළේ රැදී සිටියදී ශ්‍රී ලාංකිකයකු විසින් ඔවුන්ට එතෙක් අඩුවක්ව පැවැති ක‍්‍රීඩා පාවහන් ඒ මොහොතේදීම බැංකොක් ගුවන් තොටුපළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් මිලදී ගෙන ඔවුන්ට ලබාදීමට කටයුතු කර තිබේ. මෙම ශ්‍රී ලාංකිකයා වන්නේ නිශාන්ත මීගල්ල මහතායි. මීගල්ල මහතා ජපානය බලා යෑමට එම අවස්ථාවේදී තායිලන්තයේ බැංකොක් ගුවන් තොටුපළේ රැුදී සිටි බවත්, ඔහු වසර ගණනාවකින් පසුව මුණ ගැසුණු තමාගේ මිතුරෙකු බවත් මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ කළමනාකරු ලෙස කටයුතු කළ පූර්ණ කාහිංගල මහතා ‘ලංකාදීපයට’ පැවසීය. මීගල්ල මහතා සමග තරග සංචාරය පිළිබඳව සාකච්ඡුා කරමින් සිටියදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දුෂ්කරතා අසා ඒ ගැන අවධානය යොමු කළ ඔහු මෙම පරිත්‍යාගය කිරීමට ඉදිරිපත් වු බව කාහිංගල මහතා වැඩිදුරටත් පැවසීය. මීගල්ල මහතා කළ මෙම පරිත්‍යාගයෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිරිමත් වු බවත් කාහිංගල මහතා පවසයි. ශෂික ඒකනායක, ඉසුරු සේනාධීර, දිනුදා අබේසේකර සහ ඞී.වී.පලගසිංහ මෙම බර ඉසිලීමේ තරගාවලියට සහභාගිවුහ. ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාව සහ ක‍්‍රීඩකයන් තිදෙනා කොළඹින් පිට පළාත්වලින් තරගාවලියට සුදුසුකම් ලබාගත් බවත්, ඔවුන් මෙම තරග සංචාරයට සහභාගිවීමේදී ආර්ථික අපහසුතා රැසකට මුහුණ දුන් බවත් කාහිංගල මහතා පැවසීය. රටවල් 34 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගීත්වයෙන් පෙරේදා (11) අවසන් වු මෙම තරගාවලියේ්දී ශෂික ඒකනායක කිලෝග‍්‍රෑම් 50 බර පංතියෙන් (පිරිමි) රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්විය. ශ්‍රී ලංකා බර ඉසිලීමේ පිල ඊයේ (12) දිවයිනට පැමිණියේය.නිශාන්ත මීගල්ල මහතා බැංකොක් ගුවන් තොටුපළේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සිවු දෙනා සමග