ලංකාවේ තුන්දෙනා කෝටි දොළහක රන් අදිති


රුපියල් එකොළොස්කෝටි හැත්තෑ නව ලක්ෂයක් වටිනා රන් කිලෝ විසි හයක් සමඟ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටේදී අත්අඩංගුවට ගෙන දින 14 ක් දක්වා ගමන් කළ බව නවදිල්ලි අධිකරණයක් කියයි.

අබිදුල් රෙහෙමන්ඩ් ෂික් මොහොමඩ් (36) මොහොමඩ් වදීර් (28 ) හා මොහොමඩ් (43) එම තිදෙනාය.

අබ්දුල් හා වදීර් මුම්බායි සිට නවදිල්ලියට පැමිණි බවත් ඔවුන්ගේ බෑග්වල කිලෝ දහය බැගින් රත්තරන් තිබු බවත් කියති.

තෙවැනි පුද්ගලයා ළඟ කිලෝ හයක රත්තරන් තිබී ඇත.

ඔවුන්ගේ කාරිය වී ඇත්තේ ගුවන්තොටේදී නාඳුනන පුද්ගලයකුට රන් තොගය බාරදීම බව නවදිල්ලි පොලීසිය පවසයි.