ලංකාවේ ගැහැණියට අතවර නිමක් නැහැ


හැම මිනිත්තු  අනූවකට වරක්ම ශ්‍රී ලංකාවේදී කාන්තාවක කෙලෙසීමට ලක් වෙතියි කාන්තා අයිතිවාසිකම් පිළිබද සංවිධානය කියයි.

කාන්තාවන්ට හා දරුවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය අතින් ශ්‍රී ලංකාව ලොව පස් වෙනි ස්ථානය ගන්නා බවත් කාන්තාවන්ට ගරු සරු කිරීමක් නැති පරිසරයක් යටතේ ශ්‍රී ලංකාවේ කතුන් ජීවත් වන බවත් එම සංවිධානය කියයි.

පොදු ප්‍රවාහන සේවා පාවිච්චිකරණ කතුන්ගෙන් 95% ක්ම නොයෙකුත් අතවර වලට ලක්වෙතියිද අපරාධකරුවන්ට හා ප්‍රාදේශීය දේශපාලකයන්ට දඩුවමකින් තොරව ඔවුන්ගේ මැරකම් වලට ඉඩ දී ඇතැයිද එම සංවිධානය පවසයි.