පසුගිය සතියේ සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ පමණක් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මරණයට පත්වී ඇති බව වාර්තාවේ. මින් එක් අයෙකු වන හම්බන්තොට පදිංචිව සිට මීට කලකට පෙර සෞදි අරාබියේ දමාම් පළවැනි (1)කාර්මික ජනපදයේ ප්ලාස්ටික් නිෂ්පාදන භාණ්ඩ කර්මාන්ත ශාලාවක රැකියාවකළ වයස 40 ක පමණවූ දෙදරු පියෙකු වූ කන්දය්යා කුමාර වන අතර හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් එවෙලේම මරණයට පත්ව ඇතිබව වාර්තාවේ.කන්දය්යා කුමාර නමැති මොහු මිය ගියේය. එම ආයතනයේම රැකියාව කළ අම්බලන්තොට 29 හැවිරිදි ගයාන් ප්‍රියංකර මහතා යන්ත්‍රයකට සිරවීමෙන් ජීවිතක්ෂයට පත්වුයේ පසුගිය අගෝස්තු අවසන් සතියේය,
මේ අතර දමාම් සිට කිලෝමීටර් 200 ක පමණ දුර ප්‍රදේශයක මාළු නිෂ්පාදන ගබඩා සංකීර්ණ ආයතනයක රැකියාව කළ අබ්දුල් සලීම් මොහොමඩ් ආදම් නමැති ශ්‍රී ලාංකිකයෙකු පෙරේදා මියගොස් ඇති අතර ඔහුගේ මෘතදේහය මේවනවිට අල්කොබාර් රෝහලක තැන්පත් කර ඇතිබව එම ආයතනයේ රැකියාව කරන ශ්‍රී ලාංකිකයෙක් පවසයි. අබ්දුල් සලීම් ආදම් මහතා සෞදි අරාබියට පැමිණ ඇත්තේ මීට වසර 30 අට පමනබවද වාර්තාවේ,මේ පිලිබදව අදහස් දැක්වූ රියාද් ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ සිරිපාල ගම්මන්පිල මහතා පැවසුවේ අබ්දුල් සලීම් මහතාගේ මරණයට අදාල ලිපිලේඛන මේවනවිට අදාළ ආයතනය සමග හුවමාරු කරගනිමෙන් අනතුරුව මිහිදන් කටයුතු සෞදි අරාබියේදී සිදුකිරීමට නියමිත බවයි.

