ලංකාවට මඩ ගහන්න අතේ පැලවෙන බොරු ගොතලා


උතුරේ සිසුවිය දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් අලුත්ම කතාවක් එළිදැක්වීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන දෙමළ ජාතිකයන් පිරිසක් ක්‍රියා කරන බවට කරුණු හෙළි වේ. ඕස්ට්‍රේලියාවේ සරණාගතයන් සම්බන්ධ ප්‍රධානීන්ට පවසා ඇත්තේ ස්ත්‍රී දූෂකයා ප්‍රදේශවාසීන් විසින් ගස් බැඳ සිි අවස්ථාවේ ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් එම ස්ථානයට පැමිණ අපරාධකරුවා බේරා ගැනීමට කටයුතු කළ බවයි.

මෙම භික්ෂුවගේ ක්‍රියාව පිටුපස දේශපාලන හෝ රජයේ ආරක්ෂක ප්‍රධානීන්ගේ කිසියම් සම්බන්ධතාවක් ඇතැයි පැවසීමට මොවුහු උත්සාහයක් ගත් බව ද කියති.

කාලයක් තිස්සේ පැවැති ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවීම වසා දැමීමටත් වෙනත් කතා ගොතා ජාත්‍යන්තරය නොමඟ යැවීමටත් කොටි හිතවාදීන් අර අදින බව කියති.