ලංකාදීපය තව ඉස්සරහට
ලොව පුවත්පත්, වෙබ්අඩවි, රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍ය 33000ක් අතරින් ලංකාදීප පත්‍රය හා ලංකාදීප.lk වෙබ්අඩවිය ජනප්‍රිය අතින් දෙවැනි තැනට පත්වී ඇතැයි මොන්ඩෝ ටයිම්ස් මාධ්‍ය නියාමන ආයතනය කියයි.
ආසියාවේ ඉතාම ජනප්‍රිය වෙබ් අඩවිය ලෙස ලංකාදීප.lk මේ සතියේ මුල්තැනට තේරී ඇති බව මොන්ඩෝ ටයිම්ස් ආයතනය කියයි.
ඇමෙරිකාවේ පුවත්පත් තුනක් මුල්තැනට පත්ව සිටින අතර ලංකාදීපය හැරුණුවිට පාකිස්තානයේ මෂ්රික් ටයිම්ස් පුවත්පත දොළොස් වැනි ස්ථානය ද, ඉන්දියාවේ මලයාලි මනෝරාමා පත්‍රය 13 වැනි ස්ථානයටද පත්ව ඇති බව සඳහන් කරයි.
ලොව ජනප්‍රියම වෙබ් අඩවි 40 තුළට ආසියවෙන්ම තේරීපත්වී ඇත්තේ එම පුවත්පත් හා වෙබ්අඩවි තුන පමණි.

