අනවසර සංක්‍රමණිකයින් ලෙස පැමිණෙන්නන්ට රටේ දොරටු වසා දැමීමට ඕස්ට්‍රේලියාව ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා රජය ප්‍රසාදය පළ කර ඇත.
ඕස්ට්‍රේලියාවට අනවසර සංක්‍රමණිකයන් ලෙස පැමිණෙන්නන්ව දැන් යැවෙන්නේ පැපුවා නිව්ගිනියාවටය.ඒ ඕස්ට්‍රේලියාව පැපුවා නිව්ගිනියාව හා ඇතිකරගෙන ඇති ගිවිසුමකට අනුවය.පැපුවා නිව්ගිනියාවට හරවා යැවෙන සංක්‍රමණිකයන් එහිදී ඇගැයීමට ලක් කෙරෙනු ඇති අතර සාධාරණ හේතූන් නිසා සංක්‍රමණිකයකු ලෙස පැමිණියේයැයි තීරණය වුවහොත් ඔවුන් හට පදිංචි වීමට අවසරය ලබා දෙනු ඇත.පදිංචිය ලැඛෙන්නේත් ඕස්ට්‍රේලියාවේ නොව පැපුවා නිව්ගිනියාවේය.
ඕස්ට්‍රේලියානුවන්ට සිය රටට අනවසරයෙන් සංක්‍රමණය වන්නන් දැකීම තිත්ත වී ඇතැයි බළධාරීන් කියයි.සැඩ සයුර තරණය කරගෙන ඔවුන් පැමිණෙන්නේත් ජීවිත පරදුවට තබා බැවින් බොහෝ අවස්ථාවන්හීදී ඔවුන්ගේ ජීවිත රැක ගැනීමට තමන්ගේ ජීවිතාරක්ෂක භටයන්ගේ ජීවිත බිල්ලට දීමට සිදුව ඇතැයිද ඔවුන් පවසයි.
සංක්‍රමණිකයන් වෙනුවෙන් ක්‍රමවත් පහසුකම් මේ දිනවල පැපුවා නිව්ගිනියාවේ ඇති කෙරෙමින් පවතින බව වාර්තා වේ.