ලංකා බැංකු මහ කළමනාකරුගේ වැඩ තහනම්


ගිය රජය සමයේ සීෂෙල්ස් රාජ්‍යයේ ලංකා බැංකු ශාඛාවක් විවෘත කර කළමනාකාරීත්ව පුහුණුව සඳහා පිරිස් යැවීයැයි කියන සිද්ධිය මත මුදල් අමාත්‍යංශය ලංකා බැංකුවේ මහ කළමනාකරු ඩී.එම්.ගුණසේකර මහතාගේ වැඩ තහනම් කළේය.

වැඩ බැලීම සඳහා නියෝජ්‍ය මහ කළමනාකරු පී.ජේ.ජයසිංහ මහතා පත්කර ඇත.

ගුණසේකර මහතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වේ.

ගිය රජයේ ප්‍රබලයන් සීෂෙල්ස්හි නීති විරෝධී ලෙස මුදල් තැන්පත් කර ඇතැයි කියන සිද්ධියක් ගැන පරීක්ෂණ පැවැත්වීමට විශේෂ කණ්ඩායමක්ද එහි යවා ඇත.

2011දී මෙම ශාඛාව විවෘත කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින්ද තොරව බවත් සීෂෙල්හි සිටින ශ්‍රී ලාංකිකයන් ගණන 64 ක් බවත් මුදල් අමාත්‍යංශය කියයි.