ලංකා බාල දක්ෂ නායකට ජගත් තනතුරක්


ලෝක බාල දක්ෂ සංගමයට අනුබද්ධ ආසියා පැසිෆික් කලාපීය විධායක කමිටුවට ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ  ජනප්‍රිය ප්‍රනාන්දු මහතා තේරී පත් විය. 100 ක් වන ශ්‍රී ලංකා බාල දක්ෂ ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකුට මෙවැනි තනතුරක් හිමිවූ මුල් අවස්ථාව මෙය  බව ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමය කියයි. නීතීඥ ජනප්‍රිය ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ ජාත්‍යන්තර කොමසාරිස්වරයා යි.