ලංකා ජපන් මිතුදම වෙනුවෙන් දාහේ කාසියක්


ශ්‍රී ලංකාව හා ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට හැට වසරක් පිරීම නිමිත්තෙන් රුපියල් 1000 ක නව කාසියක් නිකුත් කැර තිබේ. කාසියේ මුහුණතේ ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය වර්ණවත්ව දක්වා ඇත. මෙම සමරු කාසි 500 ක් මහ බැංකුව සතුව ඇත. මෙය ශ්‍රී ලංකාවේ නිකුත් කළ 57 වැනි සමරු කාසියයි.