රෝහණ පාර්ශවයේ මහ නාහිමියෝ අපවත් වෙති


සියම් නිකායේ රෝහණ පාර්ශවයේ මහ නායක මාකඳුර ගොම්බද්දල ශ්‍රී ශෛලාරාමාධිපති ගොම්බද්දල නන්දාරාම නා හිමියෝ (95) අපවත් වූහ.

ඒ හිමියෝ ඌරාපොළ සිරි රතනජෝති පිරිවෙනෙහි කෘත්‍යාධිකාරි හිමියෝ ද වූහ.

ඒ හිමියන් බෞද්ධ ග්‍රන්ථ රැසක කතුවරයාය. ආදාහන පූජෝත්සවය පසුව දැනුම්දීමට නියමිතය.