රෝහණ දිසානායක මහ ඇමැතිකමට එක පයින්


මධ්‍යම පලාත් ප්‍රධාන අමාත්‍ය ධුරයට  තමා සුදුසු බවත්  පක්ෂ විසින්  එම තනතුර දැරීමට ඉල්ලීමක් කළහොත්  නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධරයෙන් ඉවත් වී  එම ඇමැති ධුරය භාර ගැනීමට සුදානම් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා එසැණ කළ විමසීමකදී පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මහ ඇමැති ධුරය සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ  සුදුසු දේශපාලනඥයින් සිටියද තමා අත්දැකීම් රාශියක් ඇති අයකු ලෙස  ඒ තනතුරට සුදුසු බවත් මෙවර පළාත් සභා මැතිවරණය එක්සත් ජනතා නිදහස් සංවිධානය ජයග්‍රහණය කරන බවත්ය.