රෝසා කුඩු සමන් අල්ලාදෙයි


කළුතර ප්‍රදේශයේ හෙරොයින් කුඩු බෙදාහරින්නකු බව කියන තොටුපොළ කුඩු සමන් අල්ලාගැනීමට  පොලිස් සුනඛ අංශයේ රෝසා  සමත්වූවාය. කුඩු ඉව කිරීම සඳහාම විශේෂයෙන් පුහුණුකළ රෝසා සැකකරුගේ සාක්කුවේ තිබුණු රුපියල් 60,000 ක පමණ කුඩු නිවැරදිව ඉවකළ බව පොලීසිය කියයි. වැටලීම සිදුවූයේ කළුතර ඔහුගේ නිවසේදීය.