රාජාංගනය යාය හය පාසලේ සිසුන් තිදෙනා දින දෙකකට පසු සොයා ගත් බව පොලිසිය කියයි.
අයියා මලෝ දෙදෙනකු ද ඇතුළු මොවුන් ගෙදරට නොකියා පාපැදිවලින් කොළඹ බලා යන්නට ගිය බවත්, හලාවත දී ලොරියකට වි පටවා රුපියල් 500ක් උපයාගෙන ඇති බවත් රාජාංගන පොලිසිය කියයි.
කණ්ඩායමේ සිටි බාලයා ගෙදර යා යුතු බව කියා අඬන්නට වූ නිසා ඔවුන් ආපසු හැරී ඇති බව ද පොලිසිය පවසයි.

