වාර්ෂිකව රෝගීන් ආශිර්වාද කිරීමේ මංගල්‍ය ඊයේ (25) රාගම තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානයේ දී පැවැත්විණි. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා සමග කොළඹ අගරදගුරු පදවියේ සියලුම රදගුරුවරු සහ පූජකවරු රෝගීන් ආශිර්වාද කිරීමේ මෙහෙයට පැමිණ සිටියහ. බාල මහලු කතෝලික බැතිමත්හු ලක්ෂ ගණනක් පැමිණ සිටියහ.