විනීතා එම් ගමගේ
සෞඛ්‍ය සේවාවේ දී රෝග ප්‍රතිකාර සඳහා දී ඇති ප්‍රමුඛතාව රෝග නිවාරණ කටයුතු සඳහා දී නැති නිසා රෝහල් පිරි ඉතිරී යන්නට රෝගීන් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
රෝග නිවාරණයට වාර්ෂිකව වෙන් කරන හා ආයෝජනය කරන මුදල ප්‍රමාණවත් නැතැයි යන්න මෙසේ රෝගීන් පිරී ඉතිරී යාම නිසා පෙනී යන්නේ යැයි ද ජනාධිපතිවරයා කීය.
මේ නිසා රෝහල් තදබදය අවම කිරීමටත් නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීමටත් වඩාත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සිටින රටක් ලෙස සංවර්ධනය පිළිබඳ මිනුම් දණ්ඩේ ඉහළටම ගොස් නීරෝගී සම්පන්නම ජනතාවක් සිටින්නේ අපේ රටේ බවට වන පිළිගැනීම ලබන්නටත් අවශ්‍යවන සම්පත් දීම අවශ්‍යවී ඇතැයි ද ඒ මහතා පැවැසීය.

