රෙදි වෙළෙන්දාගේ පළිඟු කටුනායක හිරවේ


පළිඟු කැට කිලෝ විස්සක් කටුනායකින් ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නායි නුවරට රැගෙනයාමට මීගමුවේ රෙදිපිළි වෙළෙන්දකු ගත් උත්සායහ අසාර්ථක විය. ආබරණ සෑදීම සඳහා මෙම ගල්වර්ගය යොදා ගැනේ. මාසයකට දෙවතාවක් චෙන්නායි යන බව කියන මොහුගේ හැසිරීම සැකයට තුඩු දුන් නිසා ඔහු සෝදිසි කැරිණි. රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් පිට සහකාර රේගු අධිකාරීවරුන් වන සමන්ත පුෂ්පකුමාර, නිෂාන් රණසිංහ මහත්වරු විමර්ශන සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා රේගු පරීක්ෂණ සිදු කළේය.