රූපවාහිනී සංස්ථාව ඡන්ද කාලේ යකඩ බටත් අරන්


ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අවශ්‍ය නොවන ජී.අයි යකඩ පයිප්ප බට 600 ක් පසුගිය ජනපතිවරණ සමයේ රුපියල් නව ලක්ෂ අනූ දහසකට මිලට ගෙන පාඩුවක් කළැයි හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ සහ සභාපති විමල් රූබසිංහට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද (22) නඩුවක් ගොනු කෙරිණි.

මැයි 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සැකකරුවන්ට සිතාසි නිකුත් කැරිණි.