(රංජන් කස්තුරි)
රුහුණ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සභාපති වීරසුරිය ආරච්චිගේ ලහිරු ශිෂ්‍යයා අද (28) පෙරවරුවේ දික්වැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අගෝස්තු 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිසිය කියයි.
සයිටම් විරෝධි උද්ඝෝෂණයකදී පොලිසිය සතු කැමරාවක ‘චිපය’ උදුරා ගත් බව ලහිරු සිසුවාට එරෙහිව පැමිණිලි ලැබී තිබුණු බවද පොලිසිය සඳහන් කරයි.

