රුසියා ජෝඩුව සිංහරාජ ශාඛ හොරකමේ


සිංහරාජ වනාන්තරයේ දුර්ලභ උඩවැඩියා වර්ග 75-100 හොරෙන් රැගෙන යෑමට තැත් කළ රුසියා ජෝඩුවක් තුඩව පිවිසුම් දොරටුවේදී අත්අඩංගුවට ගත් බව වන සංරක්ෂණ නිලධරයෝ කියති. අද උදේ සිංහරාජයට ඇතුළු වූ මේ දෙදෙනා ආපසු යමින් සිටියදී ඇතිවූ සැකයක් මත කාන්තාවගේ බෑගය විවෘත කැර පෙන්වන ලෙස කීවත් ඇය එය ප්‍රතික්ෂේප කිරීම නිසා පොලීසියද කැඳවිණි. උඩවැඩියා ශාඛ අත් බෑගයේ තිබිණි.