රුසියා ජෝඩුව තවත් උයන්වලින් ශාක ගලවලා
සිංහරාජ වනාන්තරයේ උඩවැඩියා හොරෙන් ගලවා ළඟ තබාගත් බව කියන රුසියා ජාතික යුවළ නතර වී සිටි හෝටල කාමරයේ තිබී තවත් දුර්ලභ ශාක රැසක් සොයාගත් බව වන සංරක්ෂණ නිලධරයෝ කියති. උසාවි නියෝගයක් මත ඔවුන්ගේ කාමරය සෝදිසි කැරිණි. රිටිගල අභය භූමියෙන් ද, පේරාදෙණිය උද්භිද උද්‍යානයෙන් ද, හෝර්ටන් තැන්න රක්ෂිතයෙන් ද, ගලවා ගත් බව කියන ශාක රැසක් එහි වූ බව නිලධරයෝ පවසති. මේ දෙදෙනා අද රත්නපුර උසාවියට ඉදිරිපත් කරන බව ඔවුහු කියති.

