රිෂාඩ්ගේ ඉල්ලීමට අන්තර් පාර්ලිමේන්තු නියෝජිතයෙක් එයි
මන්නාරම මහේස්ත්‍රාත්ට අපහාස කළැයි ඇමති රිෂාඩ් බදුරුදීන්ට එරෙහිව පවරා ඇති නඩුව නිරීක්ෂණය සඳහා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව අයිතිවාසිකමි පිළිබඳ විශේෂ නිරික්ෂක ඕස්ට්‍රේලියා රාජ්‍ය නීතිඥ මාර්ක් ට්‍රොවෙල් මතා අද කටුනායකින් දිවයිනට පැමිණියේය.
රිෂාඩ් බදුරුදීන් ඇමැතිවරයා එම සංගමයට කළ පැමිණිල්ලක ප්‍රතිපලයක් ලෙස තමා දිවයිනට පැමිණි බවත්, ඕස්ටේලියාවේ සිට පැමිණියේ නඩු සම්බන්ධ තීරණයක් ගැනීමට නොව නඩු නිරීන්ෂණය කිරීම සඳහා පමණක් බවත් ඔහු අවධාරණය කරයි.

