රිය ධාවන ශූරයා පෝරකයට


සිය බිරියට වෙඩි තබා මරා දැමීයැයි මොටර් රථ ධාවන ශූරයකු වන  සෙම්බුක්ට්ටි ආරච්චිගේ පයස් රෝහිත් ශිරන්ත ද සිල්වා  මීගමුව පළාත් බද මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු ශිරාන් ගුණරත්න මහතා  මරණ දඩුවම නියම කළේය.

1995 ජූලි මස 20 වැනි දා හෝ ඊට ආසන්න දිනයකදී මඩම්පැල්ල සිය නිවසේ නිදා සිටි ඉනෝකා ඩෙල්රින් සෙලෙස්තිනා ද සිල්වා මහත්මියට වෙඩි තබා මරා දැමීයැයි නීතිපතිවරයා විසින් අධිචෝදනා නගා තිබිණි.

රාත්‍රී කාලයේ නිවසට ඇතුළුවූ සොරුන් දරුවා සමග නිදා සිටි බිරියට වෙඩි තබා පලා ගිය බවට  සැමියා මුලින් පොලිසියට පැමිණිලි කර තිබිණි.  

ඔහු අනභිමුඛයේ නඩුව විභාග විය. මෙම නඩුව විභාගවන අතරදී සාක්කිකරුවෝ 15 දෙනෙක් සාක්කි දුන්හ.

රජයේ නිතිඥ තුසිත් මුදලිගේ මහතා පැමිණිල්ල මෙහෙයවීය.