නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් වරකාවේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් බදාදා (01) පැවත්වීමට තිබු නිවසට අද අලුයම පෙට්‍රල් බෝම්බ හා ගල් මුල් ප්‍රහාරයක් එල්ල කැර ඇතැයි පොලීසිය කියයි.
කළුපාට ඩිෆෙන්ඩරයකින් ප්‍රහාරයට පිරිසක් ආ බවත් රැස්වීම නොපවත්වන්නැයි ප්‍රබල දේශපාලනඥයකු දින කිහිපයකට පෙර තර්ජනය කළ බවත් නිවෙස් හිමියා වන එච් පී සී පුෂ්පකුමාර මහතා කියයි.
එජාප සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහතා පැවසුයේ පොලීසියට පැමිණිලි කළත් සාධාරණයක් ඉටු නොවන බවයි.




