එක්සත් ජාතික පක්‍ෂයේත්, ඊට අනුබද්ධ වෘත්තීය සමිතිවලත් බලය මෙවර මැයි රැලියේ දී රටටම පෙන්වු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බොරැල්ල කැම්බල් පිටියේ දී මැයි දිනය අමතමින් පැවසීය.
සුඑතර රජය ලබන ඡුන්දයෙන් පසුව බහුතර රජයක් කිරීමට පෙළගැසෙමුයි අගමැති කීවේය. එජාප මැයි රැලිය මාලිගාවත්ත ප‍්‍රදීපා මංසනිධියෙන් ඇරැඹිණි. රැස්වීම අවසන් වනතුරුත් පෙළපාලිය ගමන් කරමින් පැවතිණි.
මෙතෙක් කල් පක්ෂය ආරක්ෂා කරගත් ජනතාව ආරක්ෂා කරගැනීමට දැන් පක්ෂයට අවස්ථාව උදාවී අතැයි ද අගමැතිවරයා කීවේය.
ජනතාවට ලබා දී ඇති කෙටි කාලීන සහනවලට අමතරව දිගු කාලීන සහන ලබාදීම සදහා ඉදිරි මැතිවරණයක දී එජාප බහුතර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට කටයුතු කරන බව ද වික‍්‍රමසිංහ මහතා පැවසුවේය.
පැවති එකාධිපති රාජපක්ෂ රෙජීමය අවසන් කර රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදාකරදීම සදහා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට මෙන්ම එම අභියෝගය ජයගැනීමට එක් වූ සියලු දෙනාට ස්තුතිවන්ත වන බවද අග‍්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

