රැට්ටාට ඇප


(නිමන්ති රණසිංහ)

අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු  සමාජ ක්‍රියාකාරිකයකු වන රතිදු සේනාරත්න නොහොත් රැට්ටා  ඇප මත මුදා මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත්   තිළිණ ගමගේ මහතා ඊයේ (2) නියෝග කළේය.

සැකකරු කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (1)  අත්අඩංගුවට ගනු ලැබීය.

එම  කොට්ඨාශයෙන් කෙරුණු දැනුම්දීමක් අනුව  රතිදු සේනාරත්න නොහොත් රැට්ටා  එහි පෙරේදා පස්වරු 3.50ට  පමණ පෙනී සිටියේය. ඒ අනුව එම   අංශයේදී   පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔහු මෙසේ අත්අඩංගුවට ගැනිණ.

කොළඹ කොටුව බැංකු මාවත ප්‍රදේශයේ ඉකුත් මැයි මස 21 වැනිදා පැවති විරෝධතාවක් අතරතුර අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්   ඔහුට  චෝදනා ඉදිරිපත් කෙරිණ .