ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වැඩ බලන මහානායක මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති නාපාන පෙමසිරි මාහිමියන් 13 වැනි මහානායක පදවියට පත් කිරීමට එම නිකායේ පාලක සංඝ සභාව පසුගිය 19 වැනිදා ඒකමතිකව තීරණය කළේය.
වේවැල්දෙණියේ මේදාලංකාර මහානායක හිමියන්ගේ අපවත්වීමෙන් පෙමසිරි හිමියෝ වැඩබලන මහානායක ලෙස පත් කරනු ලැබූහ.
මීරිගම මිනීඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති මහෝපාද්‍යාය මකුලෑවේ විමල නාහිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක පදවියට පත් කිරීමට ද කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කළේය.