රාධ ක්‍රිෂ්ණන් , දිගම්බරන් සහාය මෛත්‍රීට


රජයේ උප ඇමතිකමින් ඉල්ලා අස්වූ ජී.එස්.රාධක්‍රිෂ්ණන් සහ පලනි දිගම්බරන් මහත්වරු විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවට මින් මද වේලාවකට පෙර පැමිණියහ. පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කරන බව ඔවුහු කීහ.

රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, මනෝ ගනේෂන් හා අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද එහි පැමිණ සිටියහ.

වතු ජනතාවට පර්චස් 7 ක බිම් කැබැල්ලක ගෙයක් තනාදීමට පොරොන්දුවූ රජය ඒ පොරොන්දුව කඩ කළ නිසා ඡන්ද දායකයන්ට මුහුණදීමට නොහැකිවීයැයි දිගන්බරන් කීවේය. රජයෙන් ඉවත්වීමට හේතුව ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම බවද ඔහු සඳහන් කළේය.