රාජිතට එරෙහිව විශ්වාසභංගයක්


සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්නට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය අත්සන් කළ විශ්වාසභංග යෝජනාවක් අද(24)  කථානායක කරු ජයසූරිය මහතාට බාර දුන්නේය.

එම විශ්වාසභංග යෝජනාව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු39 දෙනකු අත්සන් කොට ඇති අතර අද පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම විශ්වාසභංගය ඉතා ඉක්මනින් විවාදයට ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ඇමැතිවරයකු ලෙස රාජිත සේනාරත්න මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වී ඇත.