රාජ්‍ය ඇමැතිට එරෙහිව බොරැල්ල පොලිසියෙන් සංශෝධිත පැමිණිල්ලක්


(නිමන්ති රණසිංහ)

ව්‍යාජ අංක තහඩුවක් සවි කර වෑන් රථයක් සන්තකයේ තබා ගනිමින් සාවද්‍ය පරිහරණය කළැයි කම්කරු හා වෘත්තිය සමිත සම්බන්ධතා රාජ්‍ය ඇමැති රවීන්ද්‍ර සමරවීර  මහතාට  සහ තවත් සැකකරුවකුට එරෙහිව බොරැල්ල පොලිසිය විසින් නව සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ බොරැල්ල පොලිසිය මෙම නව සංශෝධිත පැමිණිල්ල ඉදිරිපත් කරනු  ලැබුයේ 2010 වසරේ දී සිදු වු සිද්ධියක් සම්බන්ධයෙනි.