(අංජුල මහික වීරරත්න)
සමස්තයක් ලෙස ගතහොත් රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ව්‍යාපෘති වලින් 95%ක් පටන් ගෙන ඇත්තේ නිසි ශක්‍යතා අධ්‍යනයකින් තොරව බව ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඉංජිනේරු මේජර් රංජිත් ගුණතිලක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදී පැවසීය.
රාජ්‍ය අංශයේ ඉදිකිරීම් බොහොමයක් අසාර්ථක වීමට මෙම කාරණය ඍජුව බලපා ඇති බව ද ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපතිවරයා කීය.
ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ කමිටුවක් පත් කර මේ පිළිබඳව නිසි සොයා බැලීමක් කළ යුතු බවයි.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධානීන් ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.