රාජපක්ෂ පවුල අල්ලන්න ජාත්‍යන්තර වරෙන්තු ඉල්ලයි


(විමුක්ති එස් රුද්‍රිගු)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ හිතවතුන් අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කළ යුතු බව බ්‍රිතාන්‍ය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ශ්‍රීමත් එඩ් ඩේවි මහතා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

රාජපක්ෂ පාලනයේ දුෂණ වංචා,බදු කප්පාදුව,ආරක්ෂක වියදම අහස උසට නැගීම සහ පමණ ඉක්මවූ පොලිස් බලතල හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි බ්‍රිතාන්‍ය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ශ්‍රීමත් එඩ් ඩේවි මහතා ප්‍රකාශ කළේය.බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්වී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහායවීමට පූර්ණ ආර්ථික සහ දේශපාලන විසඳුමක් ලබා දීම සඳහා කටයුතු කළ යුතු බව ශ්‍රීමත් එඩ් ඩේවි මහතා පැවසුවේය.

බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙක් ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්වී ශ්‍රී ලංකාවට ඉක්මණින් ආර්ථික පැකේජයක් ලබා දීමට කටයුතු කළ යුතු බවත් එයට දේශපාලන පැකේජයක් ඇතුළත් විය යුතු බවත් එයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ හිතවතුන් අත් අඩංගුවට ගන්නා ජාත්‍යන්තර වරෙන්තුවක්ද ඇතුළත් විය යුතු බවත් ශ්‍රීමත් එඩ් ඩේවි මහතා ප්‍රකාශ කර ඇත.