රාජගිරිය විදුහල්පතිට මතක නෑ


දින පහක් තිස්සේ අතුරුදන්ව සිටි රාජගිරිය හේවාවිතරණ විදුහල්පතිට යම් රෝගී තත්වයක් ඇත්දැයි දැන ගැනීම සදහා තවත් වෛද්‍ය පරික්ෂණ කිහිපයකට භාජනය කිරීමට නියමිතව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක එස්.ඒ.කේ.ගමගේ මහතා කියයි.

අතුරුදන් වූ විදුහල්පතිවරයා ඉකුත් 23 රාත්‍රි නිවසට පැමිණිමට පැය කිහිපයක් තිබියදී ඔහුගේ සොහොයුරාට දුරකථන ඇමතුමක් ලබා දී පොළොන්නරුවේ සිට පැමිණෙන බව ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව එදින රාත්‍රී ඔහු නිවසට පැමිණීමෙන් පසු කොට්ටාව පොලිසියට ගොස් අධිකරණ වෛද්‍ය පොරමයක් ද ගෙන රෝහලට ඇතුළත් විය.

ඔහු කියනුයේ බොහෝ දේ ඔහුට අමතක බවයි.

විදුහල්පතිගේ ස්කෑන් හා ඊ සි ජි පරික්ෂණයකට ලක් කළ බවත් එකෝ පරික්ෂණයක් කිරීමට නියමිත බවත් දැනගන්නට ඇත.

පොලිස් කණ්ඩායම් දෙකක් ඔහුගෙන් ප්‍රකාශ ගත්තේය. දස දෙනෙකුගෙන් පමණ කටඋත්තර ලියාගෙන ආහ. ඔහුගේ යතුරු පැදිය සොයාගෙන නැත.