රාගම රෝහලේ රෑ වනතුරු ප්‍රතිකාර


රාගම මහ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කරනු ලබන වේලාව රාත්‍රී 7 දක්වා දීර්ඝ කර ඇතැයි රෝහල් ආරංචි කියයි.

දෛනිකව රාජකාරීවල නියුතු රජයේ හා පෞද්ගලික සේවක සේවිකාවන්ට රැකියාව නිමවී සවස් කාලයේ ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම මෙමගින් ඇතිකරලීමට රෝහල් කාර්ය මණ්ඩලය බලාපොරොත්තුවේ.