රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැටලුව පොලිස්පතිට


(තරිඳු ජයවර්ධන)

උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා පත්‍රය පිටවුණැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන් ජේ පුෂ්පකුමාර මහතා කියයි.

මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තු මට්ටමෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

විභාගය අවසන් වී යමින් සිටි සිසුන්ට බෙදා හරින ලද අනුමාන ප්‍රශ්න පත්‍රයක සහ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් ඒ ආකාරයෙන්ම ගැළපෙන බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

මීට අමතරව රසායන විද්‍යා බහුවරණ විභාග ප්‍රශ්න පත්‍රයේ තීබු ප්‍රශ්න කිහිපයක් අනුමාන ප්‍රශ්න පත්‍රයක ද තීබූ ප්‍රශ්නවලට සමාන බවට සිසුහු චෝදනා කරති.

(බෙදා දී තිබූ බව කියන අත් පත්‍රිකාව)