රස්නෙන් බේරෙන්න එළියේ වැඩ නවතී


සෞදි අරාබියේ මේ දිනවල  පවතින අධික  උෂ්ණත්වය හේතුවෙන්  සියළුම ගොඩනැගිලි ඉදිකිරීම් නඩත්තු කිරීම්  ඇතුලු  එළි මහනේ පිහිටි  ව්‍යාපෘති වල සේවය කරන  සේවකයින්  සදහා  දහවල් සිට සවස 3 දක්වා  කාලය තුල සේවයේ  නොයොදවන ලෙස  සෞදි කම්කරු අමාත්‍යංශය  සියළුම ආයතනවලට නියෝ කැර ඇත.

  අගෝස්තු  30 වැනිදා දක්වා  බල පැවැත්වෙන පරිදි  කම්කරු අමාත්‍යංශය මගින්  ගෙන ඇති මෙම තීරණය  මානුෂිය හිතවාදීව ගත් තීරණයක් බව  සෞදි කම්කරු අමාත්‍යංශය  ඇරැබි නිව්ස් වෙබ් අඩවිය  සදහන් කරයි.

 දැනටමත් මෙම නීති උල්ලංඝණය කරමින්   එම කාල සීමාවේ අධික රස්නය මැද  කම්කරුවන් සේවයේ යෙදවු  නැගෙනහිර පළාතේ ආයතන නවයකින් දඩ මුදල්  අයකැරගෙන ඇති අතර එම දඩ මුදල් සෞදි රියාල් 3000 -1000 (රුපියල් 105231.58-35077.19) දක්වා වන අතර නැවත නැවතත්  එම ආයතන  විසින්  සේවකයින් එම කාර්යාලයයේ සේවයේ යොදවන්නේ නම්  තාවකාලිකව එම ආයතන  වසා දමයි.  මේ සදහා සෞදි කම්කරු අමාත්‍යංශය  විශේෂ  නිරීක්ෂණ කණ්ඩායමක්ද  යොදවා ඇත.

 දැනට  සෞදි අරාබියේ  බොහෝ ප්‍රදේශයන් හි  උෂ්නත්වය සෙල්සියස් අංශක  38 සිට 45 දක්වා  පමණ බවත්  මේ අධික හිරු රශ්මිය  ශරිර සෞක්‍යට හානි විය හැකි බැවින් මෙම තීරණය ගත් බව ද සදහන්ය.

 කම්කරු අමාත්‍යංශය සදහන් කරනුයේ  මෙම නිතීයට අදාල නිවේදනයේ පිටපත්  සෞදියේ  ප්‍රධාන නගරවල පිහිටි ආයතන ලියාපදිංචි කිරීමේ ස්ථාන වලින්  ලබා ගත හැකි බවයි.

 කෙසේ වුවද සෞදි අරාබියේ  පිහිටි විවිධ ව්‍යාපෘති  24000 ක්  පමණ මේ වන විටත් එම නීතීයට ගරු කරමින්  තම සේවා කාලය වෙනස් කරමින් ඇති බවද සදහන්වේ.