( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මුදල් අමාත්‍යාංශය යටතේ පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පැවරීමට එරෙහිව තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරිණි.
ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සහ නීතීඥවරයකු වන සිසිර ජයකොඩි මහතා විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත. පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ ,විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක ,මුදල් හා ජනමාධ්‍ය කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරු සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පවරා ඇති බලතල ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

