රංජන් කස්තුරි
විදේශ ඇමැති රවී කරුණානායක මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකා තුනක් ඊයේ (25) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රතික්ෂේප වී තිබිණි.
නිල නිවස ලෙස භාවිත කිරීමට විසුම්පාය ලබා ගැනීම, විදේශ කටයුතු ඇමැතිවරයාට කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරක් අලුතින් ඇති කිරීම සහ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයෙන් පාලනය කෙරෙන වන්දනා මධ්‍යස්ථානය ශ්‍රී ලංකා මහාබෝධි සමාගමට පැවරීම යන කැබිනට් පත්‍රිකා තුනට කැබිනට් මණ්ඩලයේදී විරෝධය එල්ල වී ඇත.

