රවී කරුණානායක දෙබරෙට ගල් ගහයි


කථානායක චමල් රාජපක්ෂ මහතා අද රැස්වීමේ මුලසුන හොබවමින් වැඩකටයුතු කරගෙන යද්දී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කථා කරමින් පැවසූයේ පෙරදින රාත්‍රියේ පාර්ලිමේන්තුවේ ගත කළ මන්ත්‍රීවරුනට පාර්ලිමේන්තු මහ ලේකම් හොඳට සැලකූ බවයි. ඒ වන විට බිම වාඩිවී සිටි මන්ත්‍රීවරු ආසනවල වාඩිවී සිටියහ. මුලසුනට පැමිණෙමින් කථානායක පැවසුයේ ‘ඔය සැප පහසු ආසනවල වාඩිවන ලෙසයි‘

ආහාර පාන පහසුකම් සලසා දුන් බවයි. මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියා සිටියේ  තවත් දෑ තිබූ බවයි. එයින් යළිත් විපක්ෂ මන්ත්‍රීවරු කලබලවී එම ප්‍රකාශයට විරෝධය පළ කළහ.

ඔහු කී එම වචන දෙක ඉල්ලා අස් කර ගන්නැයි ඉන් පසුව විපක්ෂ මන්ත්‍රීවරු කීහ.ඒ වචන හැන්සාඩ් හැන්සාඩ් වාර්තාවේ නැති හෙයින් ඉල්ලා අස් කර ගැනීමේ ප්‍රශ්නයක් මතු නොවන බව කතානායක කීවේය.  මාධ්‍යවේදීන්ට ඒ වචන ඇසුනා නම් තම වාර්තාවලින් එය ඉවත් කරන්නැයි කතානායක නියෝග කළේය.

යළි මන්ත්‍රීවරු කෑකෝ ගසන්නට වූහ. මන්ත්‍රීවරු යළි සභා මැදට ගොස් බිම වාඩිවූහ. ඔවුන් එසේ කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අල්ලස් කොමිසමට කැඳවීම අවලංගු කරන ලෙස බලකරමිනි. සභාව කල් තැබූ කථානායක පක්ෂ නායක රැස්වීමක් කැඳවීය.