රවී ඉල්ලා අස්වෙන්න යයි


(ආරියරත්න රණබාහු සහ තරිඳු ජයවර්ධන)

විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා අද(10) පස්වරු 1ට පමණ පාර්ලිමේන්තුවට පැමිණ තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ප්‍රකාශයක් කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රවී කරුණානායක ඇමැතිවරයාගේ නමද සම්බන්ධවී ඇති බැවින් ද ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරගෙන යන බැවින් ද මෙම තීරණය ගැනීමට හේතුවී ඇතැයි කියති.

ඒ අනුව අද පාර්ලිමේන්තුවේ දී සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඔහු සිය නිවසේ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමටද නියමිතව ඇතැයි වාර්තාවේ.

කරුණානායක මහතා පස්වරු 1.00ට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන බවට සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.