දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා 2006 නොවැම්බරයේ දී ඝාතනය කළැයි සැකපිට අත් අඩංගුවට ගත් නාවික හමුදා නිලධරයන්ගේ ලේ සාම්පල ඩීඑන්ඒ ජාන පරීක්ෂණ සඳහා ජින්ටෙක් රසායනාගාරයට යැවූ බව රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය හමුවේ කියා සිටියේය.
ඝාතනයට යොදා ගත් තුවක්කුව පිළිබඳ වාර්තාවද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.
එම්.ඒ.නිලන්ත සම්පත් මුණසිංහ නොහොත් නේවි සම්පත් ඇතුළු සැකකරුවෝ සිව්දෙනෙක් ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. කොළඹ ඇල්විටිගල මාවතේදී රවිරාජ් මන්ත්‍රීද ඔහුගේ පොලිස් ආරක්ෂක ලක්ෂ්මන් ලොකුවැල්ලද මරා දමන ලදැයි අධිකරණයේදී සඳහන් විය.
මව්පියන්ගෙන් කප්පම් ගැනීම සඳහා මේ නඩුවේ සැකකරුවකු තවත් සිසුන් සිව්දෙනකු මරා දමා ඇතැයිද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.




