රවිදුගේ ඇපකරුට අවවාද


මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුන රාමනායක ශිෂ්‍යාට පහර දීමේ සිද්ධියේ සැකකරු රවිදු ගුණවර්ධනගේ ඇපකරු සංජීව කරන්නාගොඩ කඩුවෙළ මහෙස්ත්‍රාත් අධිකරණයට අද(12) භාර විය.

ඔහු අත්අඩංගුවට ගන්නැයි පෙර දින නිකුත් කළ වරෙන්තුව ආපසු කැදැවු මහෙස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා නොවැම්බර් 29 ට කළින් සැකකාර රවිදු  ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් ඇප රාජසන්තක නොකීරීමට හේතු දැක්වීමට සිදු වෙතියිද ඔහුට දැන්වීය.