රයිගම හොර සල්ලි තංගල්ලෙන් අහු වෙයි


රුපියල් දහසේ හොර නෝට්ටු 550ක් සමග කාන්තාවක ඇතුළු හය දෙනකු  තංගල්ලේ ලැගුම් හලක දී සැකපිට අත්අඩංගුවට ගත් බව හුංගම පොලිසිය කියයි. මොරගහහේන  සහ කහතුඩුවේ දියකඩ ස්ථානයක මද්‍රණය කළ බව කියන මෙම නෝට්ටු මාරු කිරීම සඳහා ඔවුන් වාහනයකින් තංගල්ලට ගොස් ඇතැයි පොලිසිය පවසයි.