රයන් ජයලත් සිද්ධියේදී පොලිසිය වරදක් කළාදැයි සොයයි


(ඩයනා උදයංගනී)

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලීසිය අතින් වරදක් වී ඇද්ද යන්න සොයාබලා දෙසතියක් තුළ වාර්තාවක් ලබාදෙන්නැයි තමන් පොලිස්පතිවරයාට දැනුම්දුන් බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ  පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

අද (25) පාර්ලිමේන්තුවේදී විදේශ විනිමය පාලන පනත පිළිබඳ විවාදය පැවැත්වෙන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සභාගැබට පැමිණ සිටී.