රයන් ජයලත් අල්ලන්න පොලිසිය ඕපීඒ ශාලාව වටලයි


(ඉන්දිකා රාමනායක)

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සිසුවා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ අවස්ථාවේ විද්වත් වෘතිකයින්ගේ සංගම් ශාලාව (ඕපීඒ) වටකර ඇත.

පොලිසිය රයන් අත්අඩංගුවට ගැනීමට උත්සහ ගත් අවස්ථාවේ ඔහු එම ගොඩනැගිල්ල වෙත දිව ගොස් ඇත.