රනිල්ට තව හය වසරක්, සජිත් ඇතුළු හතරක් එරෙහි වෙති By None // 2012 දෙසැ 01 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එක්සත් ජාතික පක්ෂ නායකත්වය අද සිට තවත් සය වසරකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් අද උදේ 9.57 ට සම්මත විය. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන දයාසිරි ජයසේකර, තලතා අතුකෝරළ හා බුද්ධික පතිරණ ඊට විරුද්ධ වූහ. එහෙත් දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා සංවර්ධන අංශ වලින් ඇතිකරන රැඩිකල් දේශපාලන වෙනස පිළිබඳ යෝජනාවට ඔවුන් ද ඡන්දය දීමෙන් ඒකමතිකව සම්මත විය. 2014 දී රජයක් පිහිටුවීම රැඩිකල් යෝජනාවේ අරමුණයි. නිල කාලයක් වසර හයකින් දීර්ඝ කිරීමේ යෝජනාව ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් මන්ත්‍රී විසින් ඉදරිපත් කැරුණි. අජිත් පී. පෙරේරා එය ස්ථිර කළේය. රැඩිකල් යෝජනාව මංගල සමරවීර මන්ත්‍රී විසින් ඉදිරිපත් කැරුණු අතර මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා එය ස්ථිර කළේය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 9.32 ට සමුළුවට පැමිණියේය. සය අවුරුදු යෝජනාවට විරෝධය පාමින් තම අදහස් දැක්වීමට සජිත් ප්‍රේමදාස මහතාට මූළාසනයෙන් අවසර ලැබිණි. යෝජනාවෙන් අනතුරුව නියෝජිතයෝ අදහස් දක්වමින් කතාකරන්නට වූහ. පක්ෂ නායක වික්‍රමසිංහ මහතා එම කතාවලට පසුව කතා කිරීමට නියමිතය. සමුළුවේ කිසිම කලබලයක් ඇතිවූයේ නැත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත