රනිල්ට එරෙහි අතුරු තහනම විසිවෙයි


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සිය නිලකාලය තවත් වසර හයකින් දීර්ඝකැර ගැනීමට යතියි කියමින් ඊට එරෙහිව දෙවිනුවර ප‍්‍රාදේශීය සභා විපක්ෂ නායක තුෂාර විජේසූරිය මහතා ගොනුකළ පෙත්සම අනුව පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ මහලේකම් තිස්ස අත්තනායක මහත්වරුන්ට සිතාසි නිකුත් කරන ලෙස නුගේගොඩ මහේස්ත‍්‍රාත් නාමල් තිස්ස බලල්ල මහතා නියෝග කළේය. ඔහු ඉල්ලූ අතුරු තහනම ප‍්‍රතික්ෂේප විය. අතුරු තහනමක් දීමට තරම් ඔහු කරුණු ඉදිරිපත් කැර නැතැයි විනිසුරු ප‍්‍රකාශ කළේය.