රටේ පවතින උග්‍ර ජීවන අර්බුදයට තිබෙන එකම විසඳුම 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බළ ගන්වා ස්වාධීන කොමිෂන් සභා සක්‍රීය කිරීම යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී පැවසීය.
13 වැනි අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ප්‍රශ්නය ජනතාවගේ ප්‍රශ්නයක් නොව, ආණ්ඩුව අභ්‍යන්තරයේ තිබෙන ප්‍රශ්නයක් බව කියන රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ආණ්ඩුවේ නියෝජනයක් පවා නොමැති හිස් කාරක සභාවක් බවට පත්ව ඇතැයි ද සඳහන් කළේය.
‘මේ රටට ස්වාධීන පොලිසියක් සහ ස්වාධීන රාජ්‍ය සේවයක් ලබා දී අධිකරණයේ ස්වාධීණත්වය තහවුරු කර පළාත් සභා බලතල පිළිබඳ ප්‍රශ්න විසඳිය හැකි මාර්ගයක් මේ රටේ ජනයා පැහැදිලිව පෙන්නා දී තිබෙනවා.
ඒ ගැන සාකච්ඡා කර තීන්දු තීරණ ගත යුතුව තිබියදී ආණ්ඩුව ඒ සියල්ල පසෙක තබා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත් කනවා නම් අපේ ප්‍රතිචාරය අපට ඊට දිය යුතුයි.
17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු වන්නේ රටේ ස්වාධීන පොලිස් සේවයක් ඇති කර නීතිය යටතේ පරිපාලනය කරමින් ස්වාධීන අධිකරණ ක්‍රමයක් ලබා දී දූෂණ පිටු දැකීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් ලබා දීමයි.‘